.webp)
හිටපු ඇමති අත්අඩංගුවට ගන්නැයි, නීතිපති උපදෙස්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවට අධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 13 වන දා නීතිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේ ය. ඔහු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. රිෂාඩ් බදියුදීන් අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය. හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යෙදවූව ද දින කිහිපයක් යන තුරුම ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඔහු සොයා විමර්ශන සිදු කළ අතරතුර බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය.රිමාන්ඩ් භාරයේ සිටින රිෂාඩ් පාර්ලිමේන්තුවට
මේ අතර පසුගි 22 වන දා පැවති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ ය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ නිරෝධායන ක්‍රියාවලියට අනුකූලවයි.