by Hashini De Mel 27-10-2020 | 1:36 PM
COLOMBO (News 1st) - මෙරට 17 වැනි කොරෝනා මරණය අද (27) දහවල් වාර්තා විය.
මෙලෙස මිය ලොස් ත්තේ, කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයස අවුරුදු 41 ක් වන අදාළ ආසාදිතයා ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මේ අතර මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 8413 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 4354කි.
අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 4043 කි.