by Staff writer 27-10-2020 | 2:50 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම විදේශිකයින්ගේ වීසා කාලය දින 60 කින් දීර්ඝ කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව සියලු වීසා බලපත්‍රවල වලංගු කාලය ඔක්තෝබර් 7 වැනි දා සිට දෙසැම්බර් 5 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවය.
අදාළ දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම හා පිටසන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
තව ද එම කාලය තුළ විදේශ ගතවීමට අපේක්ෂා කරන්නේ නම් දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා කිසිදු දඩයකින් තොරව විදේශගත විය හැකිය.