ජනාධිපති කාර්යාලය:මහජන සේවාවලට අංක කිහිපයක්

ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි

by Staff writer 27-10-2020 | 8:55 AM

COLOMBO (News 1st) - කොරෝනා හමුවේ සෞඛ්‍ය උපදෙස් මත සේවක සංඛ්‍යාව සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් මත මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇති බවයි. ඒ අනුව පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක මෙන්ම ඊමේල් ඔස්සේ ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සම්බන්ධ වීමට හැකියාව පවති. ජනාධිපති මහජන සම්බන්ධතා අංශය දුරකතන අංක 0114354550/ 0112354550 ෆැක්ස් 011 2348855 ඊමේල් ලිපිනය [email protected] ඔම්බුඩ්ස්මන් කාර්යාලය දුරකතන අංකය 0112338073 ඊමේල් ලිපිනය [email protected] ජනාධිපති අරමුදල දුරකතන අංකය 0112354354 ෆැක්ස් 011 2331243 ඊමේල් ලිපිනය [email protected]