කොළඹ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කෙරේ

by Chathurika Jayasundara 26-10-2020 | 4:32 PM

COLOMBO (News 1st) - කොළඹ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම අද පිටකොටුවෙන් ආරම්භ විය.

ඒ අනුව මැනිං වෙළඳපොළ , මධ්‍යම බස් නැවතුම්පොළ , ගුණසිංහපුර බස් නැවතුම්පොළ , බැස්ටියන්පුර බස් නැවතුම්පොළ විෂබීජහරණය කරන බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නොවැම්බර් මස 02 වැනිදා දක්වා මෙම කටයුතු සිදු කරන බවයි. ඒ අනුව කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල හා කොළඹ ආශ්‍රිත සෑම ප්‍රදේශයකම ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීමට නියමිතය.