ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

by Staff writer 26-10-2020 | 7:47 AM

COLOMBO (News 1st) – ස්පාඤ්ඤයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස යළි ඉහළ යාමත් සමගයි. ස්පාඤ්ඤයට රාත්‍රීයේ ඇඳිරි නීතිය ද පනවා තිබේ. එරටින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 11 ලක්ෂ 10,372 කි. මරණ 34,752 ක්ද ස්පාඤ්ඤයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ස්පාඤ්ඤයේ මෙන්ම සමස්ත යුරෝපයේම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ඒ අනුව පැය 24 ක් තුළ ප්‍රංශයෙන් ආසාදිතයින් 52,010 ක් හඳුනා ගැනුණි. ඊට අමතරව ඉතාලිය, බ්‍රිතාන්‍ය සහ ජර්මනියේ ද ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් අදාළ රටවල රෝහල් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ , ඇඳන් ආසාදිතයින්ගෙන් පිරී යාමත් සමග බරපතල අර්බුධයකට මුහුණ පා ඇති බවයි.

වෙනත් ලිපි