UPDATE: රට පුරා කොරෝනා තත්ත්වය?

UPDATE: රට පුරා කොරෝනා තත්ත්වය?

by Staff writer 25-10-2020 | 7:27 PM

COLOMBO (News 1st ) - හලාවත, බණ්ඩාරවත්ත, මුන්නේෂ්වරම, අලුත්වැල්ල ඇතුළු ප්‍රදේශ රැසකින් ඊයේ(24) ආසාදිතයින් හමුව ඇති අතර ඔවුන්ගනේ සිව්දෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් වේ.

මිරිහාන පොලිස් නිලධාරියෙකු ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් එම පොලිස් ස්ථානය අද විෂ බීජහරණයට ලක් කෙරිණි. ඔහු ද පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවට හදුනාගෙන තිබේ. හැටන් නගරයේ මාළු ව්‍යාපාරිකයෙකු අසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමුණි. බගවන්තලාව ප්‍රදේශයේ මාළු ප්‍රවාහන ලොරි රථයක සහයකයෙකු ද අසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් නගරයේ ස්ථාන රැසක ආරක්ෂිත පියවර ගෙන තිබේ. ගම්පහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු ද අසාදිතයෙකු බවට පත්වීම හේතුවෙන් එහි සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. පසුගිය 22වැනිදා මැනිං පොදු වෙළෙඳපොළ ද තාවකාලිකව වසා දැමුණේ පෑලියගොඩ මතුවූ තත්ත්වයත් සමගිනි. ගාල්ල ධීවර වරායේ පුද්ගලයින් 800 කට අධික පිරිසක් ඊයේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 05කි.