‌ගෙවීම් කප්පාදුවට ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟයි

‌‌ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි..

by Staff writer 25-10-2020 | 12:44 PM

COLOMBO (News 1st) – 2020 - 2021 තරග වර්ෂයට අදාළ ගෙවීම්වලින් 15%ක් අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවට එරට ක්‍රීඩකයින් එකඟ වී තිබේ.

පාලක මණ්ඩලය එම යෝජනාව ගෙන ආවේ COVID-19 වසංගත තත්ත්වය නිසා තරග පැවැත්වීමට නොහැකි වීම වැනි කරුණු නිසා ඇති වූ මූල්‍ය පාඩුව හේතුවෙන් ය. ජොෆ්රා ආචර්, ජෝස් බට්ලර්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස් සහ ක්‍රිස් වෝක්ස්ට පසුගිය මාසයේදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වසරක තරග කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේ ය.