යුරෝපයට ඉදිරි සති 2 අවදානම්..

යුරෝපයේ කොරෝනා මරණ ගණන 250,000 ඉක්මවයි: ඉදිරි සති 2 අවදානම්..

by Staff writer 25-10-2020 | 10:01 AM

COLOMBO (News 1st) – ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ දෙවැනි කලාපය බවට යුරෝපය පත්ව තිබේ.

මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ ලොව පළමු කලාපය වන්නේ ලතින් අමෙරිකාවයි. යුරෝපයෙන් පැය 24 ක් තුළ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්ම වූ සංඛ්‍යාවක් හඳුනා ගැනුණි. යුරෝපයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව ලොව පුරා වාර්තාවන මරණ සංඛ්‍යාවෙන් 19% කි. ආසාදිතයින්ගේ ප්‍රතිශතය ද 22% ක් පමණ වේ. යුරෝපයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, රුසියාව, බෙල්ජියම සහ ස්පාඤ්ඤයෙනි. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, දෛනික ආසාදිතයින් වාර්තා වීමේ ධාරිතාව ඉහළ යාමත් සමග රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වනු ඇති බවයි. ඉදිරි සති දෙක තුළ ඉන් සිදුවන බලපෑම වළක්වාගත නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් හාර කෝටි 29 ලක්ෂ 16 171 ක් වාර්තා වේ. ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 11 ලක්ෂ 54,297කි.