මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 25-10-2020 | 11:11 PM

COLOMBO (News 1st) - අද (25) දින අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. එම රෝගියා මියගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත 16 වැනි පුද්ගලයාගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.