මාළු ගැන පැතිර යන කටකතාවලට රැවටෙන්න එපා..

මාළු ගැන පැතිර යන කටකතාවලට රැවටෙන්න එපා - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

by Chathurika Jayasundara 25-10-2020 | 12:27 PM

COLOMBO (News 1st) – හොඳින් පිසින ලද මාළු පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝවන බවට පැතිරෙන කටකතාවලට නොරැවටෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ නොමැති බවයි. එහෙත් මාළු පිසීම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේය. ඒ, කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැඳී තිබිය හැකිය යන පදනම මතය. ඉන් පසුව භාවිත කළ උපකරණ සහ දෑත් හොඳින් සබන් යොදා සේදිය යුතුයි. පදනමකින් තොරව මාළු අලෙවි සැල් වසා දැමීමෙන් වළකින්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම යන මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් අදාළ වෙළෙඳසැල් පවත්වාගෙන යා හැකියි.