COLOMBO (News 1st) -හෙට(26) සිට ප්‍රධාන මාර්ගයේ, කැලණිවැලි සහ පුත්තලම මාර්ගයේ කාර්යාල දුම්රිය සේවා, දුරගමන් දුම්රිය සේවා, සීඝ්‍රගාමී දුම්රිය සේවා හා තැපැල් දුම්රිය සේවා අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර හෙට(26) සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් කොල්ලුපිටිය දක්වා ක්‍රියාත්මක කෙරේ.
මේ අතර උසස් පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ හා හලාවත මාර්ගයේ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
