දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සීමා කෙරේ..

දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සීමා කෙරේ..

by Staff writer 25-10-2020 | 7:49 PM

COLOMBO (News 1st) - පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සංචාරකයන්ට සීමා කර තිබේ.

දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ නැවත රට යථා තත්ත්වයට පත් වනතුරු සම්බාහන කෞතුකාගාරය හා අවට ප්‍රදේශ වසා දමන බවයි. මෙය රජයේ තීරණයක් නොවන බවත් තමන්ගේ තීරණයක් බවත් ඉදිරියේදී තවත් මේ රෝගය දරුණු තත්ත්වයට පත්වුවහොත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දඹාන ආදිවාසී ගම්මානයට පිටස්තර කිසිම පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ සඳහන් කළේය.