තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්: 227ක්ම මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරින්..

by Staff writer 25-10-2020 | 7:41 PM

COLOMBO (News 1st) - අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

* නිරෝධායන මධ්‍යස්ථානවලින් 36 * මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් 227 මෙම පොකුරුවල මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4313ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.