ගම්පහට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය , අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට සහන කාලයක්

by Chathurika Jayasundara 25-10-2020 | 1:54 PM

COLOMBO (News 1st) – ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේ වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට ( 26) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දිස්ත්‍රික්කයේ වෙළෙඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තබන බව එම නිවේදනයේ දැක්වෙයි.