2019 උ/පෙ කඩඉම් ලකුණු ලබන සඳුදා

2019 උ/පෙ කඩඉම් ලකුණු ලබන සඳුදා

by Chathurika Jayasundara 24-10-2020 | 11:07 AM

COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවයි. වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය.