මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 24-10-2020 | 11:24 AM

COLOMBO (News 1st) – මෙරට 15 වැනි කොරෝනා මරණය අද පෙරවරුවේ වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගිය බවය. ඔහු කුලියාපිටිය, කිතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත්තේ තෙවැනි වරට කළ PCR පරීක්ෂණයේදී ය. පෙරේදා IDH රෝහලේදී මියගිය 50 හැවිරිදි කාන්තාව සමග ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.