by Staff writer 24-10-2020 | 9:47 PM
COLOMBO (News 1st) - පවතින තත්ත්වය හමුවේ ධීවර කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පොදු ධීවර සංගමය අද ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අදහස් පළ කළේය.
"අද වන විට ගාල්ල වරායේ පමණක් ධීවර බෝට්ටුවල ටොන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මාළු ගොඩ ගැසී තිබෙනවා. රට පුරාම ධීවර වරායන්වල මේ තත්ත්වය උදාවෙලා. එම තොග ලංකා ධීවර සංස්ථාව මගින් මැදිහත්ව කල් තබා ගැනීමට සහ අලෙවි කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියා ඉල්ලා සිටිනවා."
මේ අතර පවතින තත්ත්වය හමුවේ ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා වූ විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට වසා දමා ඇති බේරුවල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 32 ක සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක් පමණ තිබෙන බව ධීවර අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සැලසුමක් කඩිනමින් සකස් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.