බස්නාහිරින් මත්ද්‍රව්‍ය සමග 205 දෙනෙකු දැලේ

බස්නාහිර පළාතේ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග 205ක් අත්අඩංගුවට

by Staff writer 24-10-2020 | 10:43 AM

COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 205 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම ක්‍රියාත්මක විය. පොලීසිය පැවසුවේ, එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සිය භාරයට ගත් බවයි.