නව ව්‍යවස්ථා කෙටුම්පතට මහජන අදහස් ලබා ගැනේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ

by Staff writer 24-10-2020 | 7:07 AM

COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ වී තිබේ.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්. පී. කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුවට මහජන අදහස් යොමුකළ හැකි බවයි. ඒ අනුව කාමර අංක 32 , බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යෝජනා ඉදිරිපත් කළ හැකි ය. ඊට අමතරව [email protected] නැමැති විද්‍යුත් ලිපිනයට ද මහජන අදහස් යොමු කළ හැකියි. ලබන නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඒ සඳහා මහජන අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.