COLOMBO (News 1st) - දුම්රිය මාර්ග කිහිපයක ගමන් වාර 16 ක් අවලංගු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග මගීන් අවම වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ දෛනික ගමන් වාර 8 ක් අවලංගු කර තිබේ.
මුහුදුබඩ මාර්ගයේ අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 6 කි.
කැලණිවැලි මාර්ගයේ ද දෛනික ගමන් වාර 2 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
