COVID-19:අමෙරිකානුවන් ගැන ඉඟියක්

කොරෝනා නිසා ඉදිරි මාස 03 තුළ අමෙරිකානුවන් මිලියන භාගයක් මියයනු ඇතැයි අධ්‍යයනයක් හෙළි කරයි

by Staff writer 24-10-2020 | 7:58 AM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

එම අධ්‍යයනය කර ඇත්තේ, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් විසින් ය. මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 29,280 කි. පෙබරවාරි වනවිට එම සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවනු ඇතැයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙයි. එහෙත් මුව ආවරණ පැළඳීම අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉන් මරණ එක් ලක්ෂ තිස් දහසක් වළක්වා ගත හැකි බව ඔවුන් ප්‍රකාශ කළේ ය. මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අමෙරිකාව නිශ්චිත නීති මාලාවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇතැම් ප්‍රාන්තවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතත් , ඇතැම් ප්‍රාන්ත ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. එම තත්ත්වය උද්ගත වූයේ , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87 ලක්ෂ 45,226 කි.