නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට මහජන අදහස් ලබා ගැනීම ඇරඹේ

කර්තෘ Staff writer

24 Oct, 2020 | 7:07 am

COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භ වී තිබේ.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්. පී. කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ විශේෂඥ කමිටුවට මහජන අදහස් යොමුකළ හැකි බවයි.

ඒ අනුව කාමර අංක 32 , බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යෝජනා ඉදිරිපත් කළ හැකි ය.

ඊට අමතරව [email protected] නැමැති විද්‍යුත් ලිපිනයට ද මහජන අදහස් යොමු කළ හැකියි.

ලබන නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඒ සඳහා මහජන අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]