Women’s T20 Challenge තරගාවලිය:චමරි,ශෂිකලා එක්වෙයි

Women’s T20 Challenge තරගාවලියට චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක්වෙයි

by Staff writer 23-10-2020 | 11:06 PM

COLOMBO (News 1st) - IPL පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක Women’s T20 Challenge තරගාවලියට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සහභාගී වේ.

ඔවුන් ඒ සඳහා මේ වන විට ඩුබායි නගරයට පැමිණ සිටී. නොවැම්බර් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී මෙම තරගාවලිය පැවැත්වේ. ඒ, සුපර් නෝවාස්, ට්‍රේල් බ්ලේසර්ස්, සහ වෙලෝසිටි යන කණ්ඩායම්වල සහභාගීත්වයෙනි. පසුගිවර ශූරතාව දිනූ සුපර් නෝවාස් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු මෙවරත් එම කණ්ඩායම නියෝජනය කරනු ලැබේ. මෙරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. මේ අතර ජාත්‍යන්තර තරගබිමට සමුදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශෂිකලා සිරිවර්ධන ද මෙවර සුපර් නෝවාස් කණ්ඩායමට එක් වේ. ඇය මෙරට වෙනුවෙන් එක්දින කඩුලු වැඩිම සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩිකාව ද වේ.