20ට සහය දුන් සමගි ජන බලවේගයේ 8දෙනා නෙරපීමට තීරණයක්

20ට සහය දුන් සමගි ජන බලවේගයේ 8 දෙනා පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්

by Staff writer 23-10-2020 | 6:33 PM

COLOMBO (News 1st) - පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ අද පස්වරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය. එහිදී 20 වන සංශෝධනයට සහය දුන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.