මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

by Staff writer 23-10-2020 | 6:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් නායකයින් හා සංවිධායකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.