by Staff writer 23-10-2020 | 6:16 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේදී අද යළිත් ඡන්ද වීමසීමක් සිදුවිය.
ඒ, රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු බවට ඇතිවූ සංවාදයකින් පසුවයි.
ස්ථාවර නියෝග අනුව එම තනතුර විපක්ෂයට හිමිවිය යුතු බව සමගි ජනබලවේගය පෙන්වා දුන්නේය.
නමුත් ආණ්ඩු පක්ෂය යෝජනා කළේ, කමිටුවේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත මත සභාපතිවරයා තෝරාගත යුතු බවයි.
ඒ අනුව ස්ථාවර නියෝගවල කුමක් සඳහන්වුවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා එහි සමාජිකයින් විසින් තෝරාගත යුතු බව සඳහන් යෝජනාවක් ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළේය.
කතානායක -
සභාව එකඟද?
පා.ම. අශෝක් අබේසිංහ මහතා
ගියපාර කෝපා කමිටුව සහ කෝප් කමිටුවේ විපක්ෂයට දුන්නා සභාපතිකම්. මේකේ දෙපාරම දීලා නෑ. මේ මුදල් කමිටු සභාපතිකම් අපිට දෙන්න මේක සම්ප්‍රදායක් විදියට තිබුණා ඒ නිසා මේක දෙන්න
කතානායක -
දැන් නිශ්ශබ්ද වෙන්න ඡන්දෙට යන්න. එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි