UPDATE : බේරුවල ධීවර වරායේ 20 කට කොරෝනා

UPDATE : බේරුවල ධීවර වරායේ 20 කට කොරෝනා

by Staff writer 23-10-2020 | 12:05 PM
COLOMBO (News 1st) : බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා අසාදනයවී ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද දිනයේදීත් PCR පරීක්ෂණ සඳහා බේරුවල ධීවර වරායේ ධීවරයින්ගේ සහ ආශ්‍රිතයින්ගේ සාම්පල ලබාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය. මේ අතර අප කළ විමසීමකදී බේරුවල ධීවර වරාය එහි පුද්ගලයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා වසා දැමූ බව වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද තහවුරු කළේ ය. .............................................................................................................................................................................................

බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමේ

COLOMBO (News 1st) 10.05 AM : බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දමා තිබේ. වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, එහි සිටින පුද්ගලයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා එලෙස වරාය වසා දැමූ බවයි. බේරුවල ධීවර වරායෙන් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇතැයි, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, උදෑසන කාලයේ වසා තැබුණ ද පස්වරුවේ තොග වෙළෙඳුන් වෙනුවෙන් ධීවර වරාය විවෘත කිරීමට නියමිත බවයි.