තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 23-10-2020 | 9:50 PM

COLOMBO (News 1st) - තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ සමග පයාගල , අලුත්ම හා බේරුවල පොලිස් වසම්වලට සඳුදා (26) උදෑසන 5.00 දක්වාත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.