කඩිනමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුයි

කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුයි - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්

by Staff writer 23-10-2020 | 6:41 PM

COLOMBO (News 1st) - කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

" මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා විශේෂ කරුණු මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් කිරීම. අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කමිටු නිර්දේශ තුළත් ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කරපු සංශෝධන තුළත් ඒ පිළිබඳව සඳහන් වුණා. ඉතා කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්මත කරගැනීම තමයි අපේක්ෂා කරන්නේ. මේ රටේ මහා සංඝරත්නය විශේෂයෙන්ම වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා ඇප කැපවී කටයුතු කළා. ඒ උන්වහන්සේලාගේ කැපවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉතා ඉක්මණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන හැටියට අප රජයෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ භික්ෂූන් භික්ෂුන් වහන්සේලාටත් යම් චෝදනා එල්ල වෙන්න පුළුවන් අනාගතයේ දී උන්වහන්සේලා ඒ මග පෙන්වීම් කරපු රජය අපේක්ෂාකරන විදිහට කටයුතු නොකළොත්.යම්කිසි හානිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා රජය රජයේ විශේෂ අවධානය යොමු කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."