by Staff writer 22-10-2020 | 5:12 PM
COLOMBO (News 1st) : පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණි අයකු වේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී PCR පරීක්ෂණයකට යොමු වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දී සිටී.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම දැනුම්දීම සිදු කළේ ය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පිරිස් හා ආශ්‍රිතයින් 800කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවත් තවත් 800ක් වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් යුද හමුදාපතිවරයා එහිදී පැවසී ය.
තව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දින 14ක කාලය පුරාවට මෙරට තුළ ලක්ෂයකට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.