දුම්රිය පාලනාධිකාරියෙන් විශේෂ දැනුම් දීමක්

දුම්රිය පාලනාධිකාරියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්..

by Staff writer 22-10-2020 | 7:43 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් දුම්රිය භාවිත කරන්නැයි දුම්රිය පාලනාධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දුම්රිය ප්‍රධාන ආරක්ෂක නිලධාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, දුම්රියේ ගමන් කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි අයුරින් පිළිපැදිය යුතු බවයි. මගීන් අඩුවීම හේතුවෙන් නගරාන්තර දුම්රිය කිහිපයක ගමන් වාර මේ වනවිට අවලංගු කර තිබේ.