ගම්පහ A/Lසිසුන්ට,විභාග කාර්යමණ්ඩලවලට ප්‍රවාහන සේවා

ගම්පහ දිස්ත්‍රික්කයේ A/L සිසුන්ට හා විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා..

by Staff writer 22-10-2020 | 8:26 AM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන්ට හා විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා යොදවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනාරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාග ඇගයීම් මධ්‍යස්ථානවලට පැමිණෙන ගුරුවරුන්ට ද එම ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි. කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ඇගයීම් අත්හිටුවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු අද සිට ලබන 27 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.