කොළඹ,ගම්පහ,කුරුණෑගල රෝගීන්ට ඖෂධ තැපෑලෙන්

කොළඹ, ගම්පහ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපෑලෙන්

by Staff writer 22-10-2020 | 8:21 AM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපෑල හරහා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරී අස්ලාම් හසන් මහතා සඳහන් කළේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල් වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරෙන බවයි.