මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදිත කාන්තාවක IDH රෝහලේදී මියයයි

by Staff writer 22-10-2020 | 6:42 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටියේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක එලෙස මිය ගොස් ඇති බවයි. කුලියාපිටිය රෝහලේ සිට ඇය IDH රොහලට මාරු කර එවා ඇත්තේ, පසුගිය 17 වැනිදා ය. එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙළෙමින් සිට ඇති අතර එම නිධන්ගත රෝගවල සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇත. ඒ අනුව මෙය මෙරටින් වාර්තා වන 14 වැනි කොරෝනා මරණයයි.