by Staff writer 22-10-2020 | 7:55 AM
COLOMBO (News 1st) - චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත කිසිසේත් මිලදී නොගන්නා බව, බ්‍රසීල ජනාධිපති ජයිල් බොල්සනරෝ පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ වෙනුවට නව එන්නතක් නිෂ්පාදනය කරන බවයි.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක සහායෙන් නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි ද බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි.
ස්වේච්ඡා සේවකයින් දසදහසක සහභාගිත්වයෙන් ඊට අදාළ සායනික අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ අදියර තුනක් යටතේදීය.
ලොව තුන්වැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.