කොරෝනා ආසාදිත කාන්තාවක IDH රෝහලේදී මියයයි

කොරෝනා ආසාදිත කාන්තාවක IDH රෝහලේදී මියයයි

කොරෝනා ආසාදිත කාන්තාවක IDH රෝහලේදී මියයයි

කර්තෘ Staff writer

22 Oct, 2020 | 6:42 pm

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටියේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක එලෙස මිය ගොස් ඇති බවයි.

කුලියාපිටිය රෝහලේ සිට ඇය IDH රොහලට මාරු කර එවා ඇත්තේ, පසුගිය 17 වැනිදා ය.

එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙළෙමින් සිට ඇති අතර එම නිධන්ගත රෝගවල සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇත.

ඒ අනුව මෙය මෙරටින් වාර්තා වන 14 වැනි කොරෝනා මරණයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]