20 ගැන අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක්

20 සංශෝධන තවදුරටත් සිදුවිය යුතුයි - මහා සංඝරත්නය ශ්‍රීලනිපට කියයි

by Staff writer 21-10-2020 | 2:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය.

අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් සමග 20 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ. ජාතික සංවිධාන සහ ප්‍රගතිශිලී බලවේග ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු කණ්ඩායම 20 වැනි සංශෝධනයේ තවදුරටත් සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළේ ය. එහිදී උන්වහන්සේ සඳහන් කළේ, ද්විත්ව පුරවැසි බාධකය ඉවත් නොකළ යුතු බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/364173581456435/