පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මිය යාම:පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

by Staff writer 21-10-2020 | 10:14 AM

COLOMBO (News 1st) - පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් එහි හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු සහ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.