by Staff writer 21-10-2020 | 2:08 PM
COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ, වෙළෙඳුන් 100 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ආසාදිතයින් හඳුනාගත් බවයි.
මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 1000 කට අධික වෙළෙඳුන් සහ සේවකයින් පිරිසක් සිටින අතර සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව ද එම කාර්යාලය පැවසීය.
මේ අතර ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය උපදෙස් ලැබෙන තෙක් වසා තැබෙන බවය.