ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දින වෙන් කර නොගත් හා නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට අවසර නැහැ

by Chathurika Jayasundara 21-10-2020 | 5:21 PM

COLOMBO (News 1st) –  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණීම සඳහා වලංගු දින වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ , තමන් වෙත ලබා දී ඇති දිනයට පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු බවයි. මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , දින වෙන් කර ගැනීමෙන් තොරව පැමිණෙන්නන් හා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවයි.