කුලියාපිටියේ A/L සිසුන්ට බාධාවක් නැහැ

කුලියාපිටියේ A/L සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සිටිය හැකියි - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 21-10-2020 | 8:33 AM

COLOMBO (News 1st) - කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවය. කෙසේ වෙතත් ලබන 22 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු කුලියාපිටියේ හා ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසීය. සෙසු ප්‍රදේශවල ශිෂ්‍යත්ව විභාග ඇගයීම් කටයුතු හෙට සිට ලබන 27 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මධ්‍යස්ථාන 39 ක ඇගයීම් මණ්ඩල 391 ක් ඒ සඳහා යොදවා ඇති බවයි.