අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රදේශ 6 ක් Lockdown

UPDATE: අගලවත්ත සහ පාලින්දනුවර ප්‍රා.ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ 6 ක් Lockdown කෙරේ

by Chathurika Jayasundara 21-10-2020 | 8:57 PM

COLOMBO (News 1st) 9.40PM සංශෝධනයයි : කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 5ක් හුදකලා කළ බවය. නමුත් නවතම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 6ක් හුදකලා කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ. =======================================

COLOMBO ( News 1st ) : කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුලන්දල උතුර සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන, වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි .