by Staff writer 20-10-2020 | 4:01 PM
COLOMBO (News 1st) - තම චරිතා ප්‍රදානය ඇතුළත් '800' දෙමළ සිනමා පටයේ රංගනයෙන් ඉවත් වන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා දකුණු ඉන්දියානු රංගන ශිල්පී විජේයි සේතුපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
'800' ලෙස නම් කර ඇති එම සිනමා පටයට මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව තේමා වී ඇති අතර එම චරිතය නිරූපණය කිරීමට නියමිතව සිටියේ විජේයි සේතුපති ය.
කෙසේ වෙතත් තමිල්නාඩුවේ මේ වනවිට ඊට එරෙහිව මතුව ඇති දේශපාලනික හා සමාජ විරෝධතා හේතුවෙන් සිනමා පටයෙන් ඉවත්වන ලෙස මුත්තයියා මුරලිදරන් මහතා සේතුපති මහතාගෙන් ඉල්ලා තිබේ.
මුරලිදරන් මහතා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, සේතුපති වැනි කලාකරුවකුගේ ඉදිරි ගමනට බාධාවක් වීමට තමන් හේතුවක් නොවිය යුතු බවයි.
මෙවැනි බාධවන්ට මුහුණ දීමේදී තමා කිසිවිටෙකත් වෙහෙසට පත් නොවූ බවත් ඒවාට එරෙහිව නැගී සිටීමට තමන්ට හැකි වූ බවත් මුරලිදරන්ගේ ප්‍රකාශයේ සඳහන් ය.
තම චරිතා ප්‍රදානය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු අනාගත පරපුරට ආදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කළ නිසා තමන් මෙම චිත්‍රපටයට එකඟ වූ බව මුරලිදරන් මහතා පවසයි.
මුත්තයියා මුරලිදරන් මහතාගේ මෙම ඉල්ලීමට විජේයි සේතුපති සිය නිල ටුවිටර් ගිණුමෙහි ''ස්තූතියි ආයුබෝවන්'' ලෙස දෙමළ භාෂවෙන් පිළිතුරු ලබා දී තිබේ.