by Staff writer 20-10-2020 | 10:24 PM
COLOMBO (News 1st) - 2021 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතට අනුව 2021 වසරේ රජයේ සේවා වියදම රුපියල් බිලියන 2678 ලෙස ඇත්තමේන්තු කර ඇත.
ලබන වසර තුළදී ලබාගත හැකි ණය සීමාව රුපියල් බිලියන 2900 ක් බව ද එහි දක්වා තිබේ.
මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය කතාව ලබන මස 17 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර 2020 මුදල් වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම් දෙකකින් හා ජනාධිපතිවරයාගේ බලය ප්‍රකාරව වියදම් කළ රුපියල් බිලියන 2538 ක වියදම් ඇස්තමේන්තුවක් පාර්ලිමෙන්තු අනුමැතිය සඳහා අද ඉදිරිපත්කෙරුණි.