වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

වන අලි ප්‍රහාරයකින් අරලගංවිල කාන්තාවක් මරුට

by Staff writer 20-10-2020 | 12:53 PM

COLOMBO (News 1st) – අරලගංවිල, නිකවත ලන්ද ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන කුඹුරට ගොස් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ගොදුරුව ඇති බවයි. මියගොස් ඇත්තේ 30 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.