පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ

පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යවරිය

by Staff writer 20-10-2020 | 2:07 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව නම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

රජය පසුගිය දා නිකුත් කළ නිරෝධානය නීතිරීති ඇතුළත් ගැසට් නිවේදනයේ රෙගුලාසි කඩකරමින් අද පාර්ලිමේන්තුව රැස් වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය එලෙස සඳහන් කළා ය. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. https://www.facebook.com/NewsfirstSL/videos/1177904332603834/