රු. 5000 : ප්‍රතිපාදන ප්‍රා.ලේකම් කාර්යාල වෙත

ගම්පහ පීඩාවට පත් පවුල්වලට දෙන රු. 5000 දීමනාවට අදාළ ප්‍රතිපාදන අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

by Staff writer 20-10-2020 | 8:03 AM

COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට අදාළ ප්‍රතිපාදන අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවනු ලැබේ.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කළේ, පවුල් 72000 කට මෙම දීමනාව ලබා දෙන බවයි.