by Staff writer 20-10-2020 | 9:57 PM
COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ විය.
ඒ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනි.
මේ යටතේ පවුල් 72000 කට රුපියල් 5000 දීමනාව ලබා දීමට නියමිතය.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පීඩාවට පත් ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම හෙට සහ අනිද්දාත් සිදු කිරීමට නියමිතය.
https://www.facebook.com/NewsfirstSL/videos/385149682522550/