පොම්පියෝ 28 වැනිදා කොළඹදී සාකච්ඡාවකට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ලබන 28 වැනිදා කොළඹදී සාකච්ඡාවකට එක්වෙයි

by Staff writer 20-10-2020 | 11:20 AM

COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුරයි. මීට ටික වේලාවකට පෙර පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/347401593182526/